Posts

Showing posts from November, 2018

කුරක්කන් බොල කිරි හොද්ද

Image
අද අපි ඔය ගොල්ලන්ට කියල දෙන්න.යන්නෙ ටිකක් පරන කම වට්ටොටුවක්.හෑබෑයි මෙක ඔයලා හදල තියෑනවද කියන එකන්ම් විශ්වස නෑ.හරිම රස මෙම රෙසිපි එක කුකුල් මස් වෙනුවට හොද අදෙශකරක්...එහෙනම් බලමු කොහොමද අපි කරන්නෙ කියලා. ඕන දේවල් කුරක්කන් පිටි ග්රම් 200 ක් පම්පිටි ග්රම් 50 ක් වතුර කොප්ප්පයක් හොදින් පොඩි කර ගන්නා ලද සුදුලුනු අවුමිරිස් කරල් 2ක් කහා කුඩු ස්වල්පයක් මිරිස් කුඩු තේ හෑදි 2ක් අමු තුනපහා තේ හදි 1ක් පොල් කිරි මිලි ලිටර් 300 ක් රම්පෙ කරපින්චා උලුහල් තෙ හෑදි 1 ලුනු/ගම්මිරිස් ක්‍රමය භාජනයක් ගන්න්න.දෑන්  කුරක්කන්  පිටි,පම්පිටි එ වගෙම ගා ගන්නා ලද පොල් එකතු කරන්න.ඉන්පසු වතුර ස්වල්පයල් එක් කර හොදින් අනා ගන්න.මෙ අකරයෙන් රොටි මොලිය අනා ගන්න.දෑන් කුරක්ක්න් කුඩා බොල වශයෙන් සකස් කර ගන්න.එය වෙනම භාජනයක තබා ගන්න. දෑන් කරිය සාදා ගන්න.හටිටියක් ලිපේ තබන්න.තෙල් සිවල්පයක් එක් කරන්න.තෙල් සිවල්පයක් එක් කරගන්න.ඉන්පසු ලුනු සුදුලුනු රම්ප/කරපිචා දමා තෙම්පරදු කර ගන්න.එයට කහා,මිරිස් සහා තුනපහා එක් කරන්න.හොදින් කවලම් කරන්න.එ වගෙම ගින්දර අඩු කරන්න අමතක කරන්න එප. දෑන් පොල් කිරි එක කරන්න.හොදින් ...

කී රොටී සමඟ කිරි පැණි හොද්ද

Image
මේ දේවල් අවශ්‍යයයි කැකුළු හාල් පිටි - 500g කිතුල් පැණි - 200ml උකු පොල්කිරි අඬු කෝප්ප - 4 - 5 කපාගත් සුදු ලූනු බික් - 2 ගම්මිරිස් ඇට - 4 - 5 පොල් වතුර අඬු කෝප්ප - 2 සාදන ආකාරය :- පළමුව හාල්පිටි පොල්වතුර සමඟ මිශ්‍රකර පදමට ලුණු දමා ඝනකම මිශ්‍රණයක් සාදා ගන්න. එයට මිටිකිරි ද එක්කර උකු මිශ්‍රණයක් සාදාගන්න. පසුව රොටී පුළුස්සන තැටියක් ළිප තබා රත්වුණු පසු එම මිශ්‍රණයෙන් අඬු කෝප්ප 1/2 බැගින් දමා රොටී පුළුස්සා ගත යුතුයි. (තෝසේ ආකාරයට) ඉන්පසුව වෙනත් භාජනයකට මිටිකිරි ළිපතබා මඳගින්නෙ උතුරවා ගන්න. එයට සුදුලූනු, ගම්මිරිස් සහ කිතුල් පැණි දමා කලවම් කර සාදා ගත් රොටී කිරි මිශ්‍රණයට දමා පොඟවා කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

රසම රස ලසඥ්ඥා

Image
අවශ්‍ය දෑ බාගෙට තම්බාගත් ලසඥ්ඥා පාස්තා 500g අබරාගත් මස් 200g සිහින්ව කපාගත් මොසරෙල්ලා 200g තලගත් ඉගුරැ සහ සුදු ලුණු  තේ හැන්ද බැගින් අමු මිරිස් කරල් 2ක් කැලි මිරිස් තේ හැන්දක් ගම්බිරිස් කුඩු සුවල්ප   බටර් 200g පාන්පිටි 100g කිරි 100ml චිස් කුඩු 50g කැමතිනම් චිස් ටිකක් සාදාගන්නා ආකාරය  මුලින්ම සාස්පානක් ලිප තබා තලා ගත් ඉගුරු සුදුලූනු, සිහින්ව ලියා ගත් ලූනු, අමු මිරිස් තෙම්පරාදු කර ගන්න.මෙයටම කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කර ගන්න.දෑන් මෙයට අඹරා ගත් මස් ටිකක් එකතු කර ගන්න. තරමක් තෙම්පරාදු උනාට පසු තක්කාලි සෝස් ටිකක් වෑඩිපුර එකතු කර ගන්න.ඉන්පසු මෙය පියනකින් වසා අඩු ගින්දරේ පෑය දෙකක් පමණ වෙලා හොදින් තම්බා ගන්න.අන්තිමට රස අනුව ලුනු එකතු කර ගන්න. දෑන් බෙෂමල් සෝස් එක සාදා ගෑනීම සදහා මුලින්ම සාස්පානක් ලිප තබා බටර් ටිකක් රත් කරන්න.ඉන්පසු එයට පාන් පිටි ටිකක් එකතු කර ගන්න. බටර් ගත්ත ප්‍රමාණයෙන්ම. මෙය කෑටි ගෑසෙන්නට නොදී හොදින් කලවම් කරන්න. දෑන් මෙයටම කිරි ටිකෙන් ටික එකතු කරමින් හොදින් මිස්‍ර කර ගන්න. කෑටි ගෑසෙන්නට දෙන්න එපා. අන්තිමට ලුණු ඉතාම ස්වල්පයක් ...

තන්දුරි චිකන් Pizza

Image
අවශ්‍ය ද්‍රව්‍ය : කුකුල් මස් ලෙමන් යුෂ මේස හැදී 2ක් තන්දුරි පේස්ට් මේස හැදී 2ක් යෝගට් මේස හැදී 2ක් තන්දුරි පීසා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බිලුනු ගෙඩි 1ක් මාළු මිරිස් කරල් 1ක්. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් මොසරැල්ලා චීස් ස්වල්පයක් තන්දුරි චිකන් සාදා ගන්නා ආකාරය කුකුල් මස් වලට තන්දුරි පේස්ට් මේස හැඳි 2ක් දමා ලෙමන් යුෂ මේස හැඳී 2ක් ද දමා හොඳින් කලවම් කරන්න.ඉන්පසු යෝගට් මේස හැඳි 2ක් දමා හොඳින් අනාගන්න.එසේ සකසා ගත් කුකුල් මස් සෙන්ටිග්‍රේඩ් අංශක 200 උෂ්ණත්වයකින් විනාඩි 15ක් බේක් කරගන්න. මෝලිය සාදා ගන්නා ආකාරය ප්‍රථමයෙන්ම පිටි,යීස්ට් ,සීනි ,ලුණු එකට කලවම් කර වතුර ස්වල්පය බැගින් විටින් විට එක්කර රොටි පදමට මෝලිය අනාගන්න.පදමට අනාගත් මෝලියට ඔලිව් ඔයිල් දමා මෘදු වන තෙක් හොඳින් අනා විනාඩි 20ක් පමණ පිපෙන්න හරින්න. සාදන ක්‍රමය කලින් සඳහන් කල ලෙස සාදාගත් පිටි මෝලිය බේකින් ට්‍රේ එකේ තුනී කර ගැනීමෙන් පසුව සිහින්ව කපාගත් ලුනු පෙති ඒ මත අතුරන්න.ඉන්පසුව මාළුමිරිස් ද පෙති කපා සෑම තැනටම විසිරී යන ලෙස දමාගන්න.එසේ බේක් කර ගැනීම සෙන්ටිග්‍රේඩ් අංශක 200 පමණ උෂ්ණත්වයකින් විනාඩි 20ක් පමණ බේක් කර ගැන...

චීස් සමඟ අනියන් පැස්ටා

Image
අවශ්‍ය වන්නෙ -: තම්බා ගත් පැස්තා - 400g හීනියට කපාගත් ලූනූ -50g මොසරැල්ලා චීස් -100g හීනියට කපා ගත් අමු මිරිස් (කෝන් ඔයිල්)එළවළු තෙල් මේස හැඳි -2 ක් 3 කුඩාවට කපාගත් පාස්ලි -50g පිළියෙල කරන ආකාරය-: පළමුව මොසරැල්ලා චීස් හීනියට කපා ගන්න.පසුව තරමක භාජනයක් ළිප තබා එයට ලියාගත් ලූනු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.ඉන්පසු අමු මිරිස් පාස්ලි සමඟ පැස්තා දමා හොඳින් කලවම් කර ගන්න.දැන් මෙයට චීස් දමා කලවම් කර තැටියක දමා 180cඋණුසුම් උඳුනක විනාඩි 10-12 ක් තබා චීස් දියවුණු පසුව කෑලි කපා කෑමට ගන්න‍  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මෂ්රූම් ක්‍රීම් පැස්ටා

Image
අවශ්‍ය ද්‍රව්‍ය-: පැස්තා -: 400g බට්න් මෂ්රූම් -100g (නැතහොත් සාමාන්‍ය බිම් මල්) නිවිති -50g ලූනු -25g අඹරාගත් ඉඟුරු,සුදු ලූනු සුදු කිරි වීදුරු - 1 බටර් මේස හැඳි -2 පාන් පිටි -20 g පදමට ලුණු ගම්මිරිස් සාදන ආකාරය-: පැස්තා හොඳින් තම්බා ගන්න.බටර් මෂ්රූම් (බිම් මල්)නිවිති,ලූනු,සිහින්ව කෑලි කපා ගන්න.දැන් තරමක භාජනයක් ළිප තබා එයට බටර් මේස හැන්දක් දමා රත්වුණු පසුව බිම් මල්,නිවිති, ලූනු ,සුදු ලූනු දමා තෙම්පරාදු කර ගන්න.දැන් මෙයට පැස්තා දමා හොඳින් කලවම් කර ගන්න.පසුව අනෙක් බටර් හැන්දත් සමඟ පාන්පිටි දමා තලපයක් සේ කලවම් කර එයට සුදු කිරි දමා සෝස් එකක් ආකාරයට සාදා ගන්න. දැන් මේසයට යැවීමට සුදුසු පලඟානකට පැස්තා දමා ඒමතට සාදා ගත් සෝස් දමා පිළිගන්වන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉඳි ආප්ප බුරියානි

Image
ගෙදර ඉඳිආප්ප හැදුවම ඉතිරිවෙන ඉඳි ආප්ප වලින් රසම රස කෑමක් හදමුද ?උදේට හෝ රාත්‍රී ඉඳිආප්ප හදලා දුන්නු ඔබ ඊළඟ ආහාර වේල සඳහා ඉඳි ආප්ප බුරියානි එකක් හැදුවොත් ගෙදර අය ඇත්තටම පුදුම වේවි නේද ? අවශ්‍ය ද්‍රව්‍ය:     ඉඳි ආප්ප 20     සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1     ළුණු කොළ මිටක්     ලුණු ,ගම්මිරිස්     ප්ලම්ස් ග්‍රෑම් 50     තෙල් හෝ බටර්     කහ ස්වල්පයක් සාදන ක්‍රමය: ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න .දැන් තෙල් හෝ බටර් ලිප තබා රත්කර කැරට් සහ ළුණු කොළ දමා තෙම්පරාදු කරන්න .පසුව ඉඳි ආප්ප ,ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොඳින් කලවම් කර ගන්න .ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න . චිකන් කරියක් ,සලාද සමග ආහාරයට එක්කර ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

වෙනස් ම විදියකට නූඩ්ල්ස්

Image
පහසුවෙන් සහ අඩු කාලයකින් පිළියෙළ කරන්නට පුළුවන් ආහාර වර්ග අතර නූඩ්ල්ස් ඉදිරියෙන් ම සිටින ආහාරයක්. හැමදා ම එකම විදියට නූඩ්ලස් තම්බා තෙම්පරාදු කර ආහාරයට‍ ගන්නා ඔබේ පවුලේ අයට අලුත් විදියකට නූඩ්ලස් හදා දෙන්න ඔන්න දැන් ඔබටත් පුළුවන් වේවි. මේ කියන්න යන්නේ, නූඩ්ල්ස් පැටී හදන විදියයි. ඕනෙ වෙන්නේ මෙච්චරයි.     බෙරි නොවන ලෙස තම්බාගත් නූඩ්ල්ස්     තම්බා සිහින් කැබලි ලෙස පොඩි කරගත් අල     චොප් කරගත් ලූණු     චොප් කරගත් අමුමිරිස්     ලුණු     ගම්මිරිස් ඔබේ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් වන තරමට නූඩ්ල්ස් සහ අල යොදාගන්නට ඔබ දක්ෂ විය යුතුයි. ඉහත ද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කර කට්ලට් ආකාරයේ මිශ්‍රණයක් සකස් කරගන්න. පින්තූරයේ පෙනෙන ආකාරයට නූඩ්ල්ස් පැටියෙහි හැඩය අතින් සකස් කරගන්නට පහසු වන තරමට අල යොදා ගැනීම සුදුසුයි. ඉන් පසු තෙල් දමාගත් නන්ස්ටික් පෑන් එකක් යොදාගෙන දෙපැත්ත ම රන්වන්පාට වන තුරු බැදගන්න. ඔබේ කැමැත්ත අනුව මේ නූඩ්ල්ස් මිශ්‍රණයට තම්බා පොතු ඇර පොඩිකරගත් ඉස්සන්, පක්චෝයි, කැරට්, බිත්තර, සිහින්ව ලියාගත් තක්කාලි ආදී රස ...

තෝසෙ සමග සාම්බාරු

Image
අවශ්‍ය ද්‍රව්‍ය :-     උදු ඇට කෝප්ප 1     උළු හාල් තේ හැඳි 1/2     හාල් කෝප්ප 1/2     පාන් පිටි කෝප්ප 2 හෝ ඊට අඩුව හෝ වැඩි     ලුණු රස අනුව     පොල් වතුර ටිකක්     කැමති නම් ඊස්ට් තේ හැඳි 1     සීනි ස්වල්පයක් සාදන ක්‍රමය :- මුලින්ම උදු වලට උළුහාල් ටික දමන්න. එය හා හාල් වෙන වෙනම භාජන වල දමා රැයක් පෙගෙන්න තියන්න. අඩුම ගානේ පැය 5ක් වත් පෙගෙන්න තියන්න. පසුව මුලින්ම උදු අඹරා ගන්න. පසුව හාල් ටික අඹරා ගන්න. උදුවලට අඹරා ගත් හාල් දමා කලවම් කරන්න. පසුව පාන් පිටි ටික දමා ගන්න. පොල් වතුර ටිකත් දමා අනා ගෙන (ඊස්ට් වලට සීනි ටිකක් හා වතුර දමා තබා ඊස්ට් හොදින් දිය වූ පසු කැමති නම් එයද එකතු කරන්න) එය ටික වෙලාවක් තබා එයද උණුසුම ඇති තැනක හොදින් වසා තබන්න. අඩු ගානේ පැය 6ක් වත්. පසුව එයට ලුණු ටිකක් දමන්න. තෙම්පරාදුව සදහා :-     රතු ළුෑණු ටිකක්     කරපිංචා     අමු මිරිස් ටිකක්     අබ මේ සියලුම දේ කපා ගෙන පලමුව තෙල් ස්වල්පයක් ලිප තබා එයට අබ ටිකක් දමා එය පිපිරෙන විට ළුෑණ...

පැණි ආප්ප

Image
කඩෙන් ගන්න පැණි ආප්ප ගොඩක් වෙලාවට වියළි බවින් යුතු නිසා ගෙදරදීම පිරිසිදුවට රසට පැණි ආප්ප කැමැත්තෙන් සිටියා නම් මෙන්න රස වෑහෙන පැණි ආප්ප කෑම වට්ටෝරුවක්- අවශ්‍ය ද්‍රව්‍ය      කැකුළු හාල් 350g      පොල් කිරි      රස අනුව පැණි      ඊස්ට් තේ හැදි 1      ආප්ප සෝඩා තේ හැදි 1/4      බිත්තර 4      ලුණු ස්වල්පයක්  සාදන අයුරු   කැකුළු සහල් සෝදා රැයක් පෙඟෙන්නට තබන්න, පසුව හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා හාල් වැසෙන ප්‍රමාණයට පොල් කිරි දමා රස අනුව ලුණු සහ ඊස්ට් එකතුකර හොදින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව එය වෙනත් භාජනයකට පෙරනයකින් පෙරා ගන්න. පිටි මිශ්‍රණය උකු ගතියෙන් වැඩිනම් තවත් පොල් කිරි ටිකක් දමා කලවම් කර පැය 4ක් පමණ පිපෙන්න තබන්න.  හොදින් වසා තබන්න. පැය 4ට පසුව බිත්තර එම මිශ්‍රණයට එකතු කරගන්න. රස අනුව පැණි ද ආප්ප සෝඩා ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාමාන්‍යයෙන් ආප්ප උයාගන්න ආකාරයට මිශ්‍රණය ආප්ප තාච්චියට දමා තාච්චියේදීම ආප්පය බෑමට පෙර ආප්පය මැදට හකුරු හෝ පැණි ස්වල්පයක් දමා ...

අල සහ කැරට් ෆයි

Image
අවශ්‍ය ද්‍රව්‍ය,     ගාගත් අල ගෙඩි 02     ගාගත් කැරට් අල 02     ලොකු ළූණු ගෙඩි 03     බිත්තර 03     පාන් කුඩු කෝප්ප 1/4     පාස්ලි කෝප්ප 1/3     චීස් ග්‍රෑම් 200     ලුණු ස්වල්පයක්     සුදු ළූණු සාදන ආකාරය, චීස් ග්‍රේට් කරගෙන ළූණු සිහින්ව කපා ගන්න පාස්ලි කෑලි කරගන්න දැන් මේ සියල්ල බඳුනකට දමා හොඳින් කලවම් කර බටර් තැවරූ බන්දේසියක දමා සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයේ විනාඩි 40ක් පමණ පුළුස්සා ගන්න සෝස් සමඟ පිළිගන්වන්න  උපුටා ගැනීම : kitchen.tharunaya.us

චොක්ලට් චිප් කුකීස්

Image
අවශ්‍ය ද්‍රව්‍ය :-     සුදු සීනි කෝප්ප ¾ යි     දුඹුරු සීනි කෝප්ප ¾ යි     බටර් හෝ මාගරින් කෝප්ප 1 යි     වැනිලා තේ හැඳි 1 යි     බිත්තර 1 යි     පාන් පිටි කෝප්ප 2 ¼     බේකින් සෝඩා තේ හැඳි 1 යි     ලුණු තේ හැඳි භාගයයි     හොඳින් කැබලි කරගත් කජු ඇට කෝප්ප 1 යි     කුඩාවට කඩාගත් චොකලට් කැබලි අවුන්ස 12 යි හදන ක්‍රමය :- අවන් එක ෆැරන්හයිට් අංශක 375ට රත් preheat කරන්න. ( සෙල්සියස් අංශක 190) සීනි , බටර් , වැනිලා සහ බිත්තරය විශාල බෝල් එකක දමා හොඳින් මිශ්‍ර කරන්න. හලාගත් පිටි, බේකින් සෝඩා සහ ලුණු එයට එක කරන්න. ( මිශ්‍රණය තරමක් ඝන වේවි.) කඩාගත් කජු ඇට සහ චොක්ලට් කැබලි එයට එක් කරන්න. මේස හැඳි එකක ප්‍රමාණය බැගින් ගෙන තෙල් කඩදාසියක් මත තැබූ තැටිය මත රවුමට අතුරන්න. ලා දුමුරු පාට වෙන තුරු විනාඩි 8 ක් 10 ක් පමණ බේක් කරන්න. ( මැද මෘදුවට තිබේවි) කඩදාසියෙන් ඉවත් කර කම්බි රැක් එක මත තබා සිසිල් කරන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

Button mushroom පැස්ටා

Image
ඉතාලි ජාතිකයන්ගේ එදිනෙදා ජීවිතේ ආහාර පානවලට හිමි වෙන්නේ විශේෂ තැනක්. Pasta බොහෝදෙනා දන්නා ඉතාලි කෑම වර්ගයක්. මේ විවේකී වෙලාවක රාත්‍රී ආහාරයකට සුදුසු පහසුවෙන් සකසාගත හැකි පාස්තා වර්ගයක්.. අවශ්‍ය ද්‍රව්‍ය:     තම්බා ගත් පාස්තා 400g     පාන් පිටි 40g     නැවුම් කිරි (fresh milk) 500ml     ඔලීව තෙල්/ බටර් මේස හැදි 3-4ක්     Button mushroom 100g     Cheddar චීස් 200g     රස අනුව ලුණු     රස අනුව ගම්මිරිස් කුඩු     චොප් කර ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් සාදා ගන්නා අයුරු: පළමුව භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා එයට බටර් ටික දමා ගන්න. බටර් හොඳින් දිය වූ පසුව එයට පාන් පිටි ටික එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව ගින්දර අඩු කර එයට fresh milk ද එක් කර ගෙන කැටි නොගැසෙන සේ හොඳින් හැදි ගාමින් අඩු ගින්දරේ තබා ගනිමින් මිශ්‍ර කරගන්න. අනතුරුව චීස් එකතු කරගන්න. චීස් හොඳින් දිය වන තුරු පිස ගන්න. චීස් සෝස් එක උතුරා ගෙන එන විට එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර ලිපෙන් බා ගන්න. Button mushroom ටි...

මිනි බර්ගර්ස්

Image
අවශ්‍ය ද්‍රව්‍ය කුඩා බ්‍රෙඩ් රෝල්ස් 10ක් පමණ කටු රහිත කුකුල් මස් - ග්‍රෑම් 200 ලොකු ලූනු ගෙඩියකින් 1/2 බිත්තර කහමදයක් ලුණු ස්වල්පය් සලාද කොළ කීපයක් තක්කාලි පෙති කීපයක් බටර් ටිකක් සාදන ආකාරය කුකුල්මස්, සිහින්ව අඹරා හෝ අඹරාගත් කුකුල් මස් ඒ සඳහා භාවිත කරන්න. ලොකු ලූනු ඉතාම කුඩාවට කපාගන්න. දැන් භාජනයක් ගෙන එයට අඹරාගත් කුකුල් මස්, ලූනු, ලුණු, ගම්මිරිස් සහ බිත්තර  කහමදය දමා  හොඳින් අනාගන්න. දැන් මේ මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා  ඒවායින් කුඩා රොටි  සකසා ගන්න. දැන් තෙල් ස්වල්පයක් ගා දෙපැත්ත දමා හොඳින් පුළුස්සා ගන්න.කුඩා බ්‍රෙඩ් රෝල් දෙකට පලා බටර් ස්වල්පයක් ගාගෙන, එයට සලාද කොළ කැබැල්ලක් සහ තක්කලි පෙත්තක් තබා ඒ මතින්   පුළුස්සා ගත් කුකුල් මස් රවුමක් තබා සකසා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us