මෂ්රූම් ක්‍රීම් පැස්ටා
අවශ්‍ය ද්‍රව්‍ය-:
- පැස්තා -: 400g
- බට්න් මෂ්රූම් -100g
- (නැතහොත් සාමාන්‍ය බිම් මල්)
- නිවිති -50g
- ලූනු -25g
- අඹරාගත් ඉඟුරු,සුදු ලූනු
- සුදු කිරි වීදුරු - 1
- බටර් මේස හැඳි -2
- පාන් පිටි -20 g
- පදමට ලුණු ගම්මිරිස්
පැස්තා හොඳින් තම්බා ගන්න.බටර් මෂ්රූම් (බිම් මල්)නිවිති,ලූනු,සිහින්ව කෑලි කපා ගන්න.දැන් තරමක භාජනයක් ළිප තබා එයට බටර් මේස හැන්දක් දමා රත්වුණු පසුව බිම් මල්,නිවිති, ලූනු ,සුදු ලූනු දමා තෙම්පරාදු කර ගන්න.දැන් මෙයට පැස්තා දමා හොඳින් කලවම් කර ගන්න.පසුව අනෙක් බටර් හැන්දත් සමඟ පාන්පිටි දමා තලපයක් සේ කලවම් කර එයට සුදු කිරි දමා සෝස් එකක් ආකාරයට සාදා ගන්න.
දැන් මේසයට යැවීමට සුදුසු පලඟානකට පැස්තා දමා ඒමතට සාදා ගත් සෝස් දමා පිළිගන්වන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment