කී රොටී සමඟ කිරි පැණි හොද්ද
මේ දේවල් අවශ්‍යයයි
- කැකුළු හාල් පිටි - 500g
- කිතුල් පැණි - 200ml
- උකු පොල්කිරි අඬු කෝප්ප - 4 - 5
- කපාගත් සුදු ලූනු බික් - 2
- ගම්මිරිස් ඇට - 4 - 5
- පොල් වතුර අඬු කෝප්ප - 2
පළමුව හාල්පිටි පොල්වතුර සමඟ මිශ්‍රකර පදමට ලුණු දමා ඝනකම මිශ්‍රණයක් සාදා ගන්න.
එයට මිටිකිරි ද එක්කර උකු මිශ්‍රණයක් සාදාගන්න. පසුව රොටී පුළුස්සන තැටියක් ළිප තබා රත්වුණු පසු එම මිශ්‍රණයෙන් අඬු කෝප්ප 1/2 බැගින් දමා රොටී පුළුස්සා ගත යුතුයි. (තෝසේ ආකාරයට) ඉන්පසුව වෙනත් භාජනයකට මිටිකිරි ළිපතබා මඳගින්නෙ උතුරවා ගන්න. එයට සුදුලූනු, ගම්මිරිස් සහ කිතුල් පැණි දමා කලවම් කර සාදා ගත් රොටී කිරි මිශ්‍රණයට දමා පොඟවා කෑමට ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment