තන්දුරි චිකන් Pizza
අවශ්‍ය ද්‍රව්‍ය :
- කුකුල් මස්
- ලෙමන් යුෂ මේස හැදී 2ක්
- තන්දුරි පේස්ට් මේස හැදී 2ක්
- යෝගට් මේස හැදී 2ක්
- බිලුනු ගෙඩි 1ක්
- මාළු මිරිස් කරල් 1ක්.
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක්
- මොසරැල්ලා චීස් ස්වල්පයක්
කුකුල් මස් වලට තන්දුරි පේස්ට් මේස හැඳි 2ක් දමා ලෙමන් යුෂ මේස හැඳී 2ක් ද දමා හොඳින් කලවම් කරන්න.ඉන්පසු යෝගට් මේස හැඳි 2ක් දමා හොඳින් අනාගන්න.එසේ සකසා ගත් කුකුල් මස් සෙන්ටිග්‍රේඩ් අංශක 200 උෂ්ණත්වයකින් විනාඩි 15ක් බේක් කරගන්න.
මෝලිය සාදා ගන්නා ආකාරය
ප්‍රථමයෙන්ම පිටි,යීස්ට් ,සීනි ,ලුණු එකට කලවම් කර වතුර ස්වල්පය බැගින් විටින් විට එක්කර රොටි පදමට මෝලිය අනාගන්න.පදමට අනාගත් මෝලියට ඔලිව් ඔයිල් දමා මෘදු වන තෙක් හොඳින් අනා විනාඩි 20ක් පමණ පිපෙන්න හරින්න.
සාදන ක්‍රමය
කලින් සඳහන් කල ලෙස සාදාගත් පිටි මෝලිය බේකින් ට්‍රේ එකේ තුනී කර ගැනීමෙන් පසුව සිහින්ව කපාගත් ලුනු පෙති ඒ මත අතුරන්න.ඉන්පසුව මාළුමිරිස් ද පෙති කපා සෑම තැනටම විසිරී යන ලෙස දමාගන්න.එසේ බේක් කර ගැනීම සෙන්ටිග්‍රේඩ් අංශක 200 පමණ උෂ්ණත්වයකින් විනාඩි 20ක් පමණ බේක් කර ගැනීම ප්රමාණවත්ය.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment